විදේශිකයන්ගෙන් බදු අදායම උපයා ගන්නවා වෙනුවට බදු සහන ලබා දී ආදායම් උපයාගත නොහැකි වූ විට ආණ්ඩුව විදේශිකයන් වෙනුවෙන් ඇදිවත පවා උනා දැමීමට සූදානමින් සිටන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසීය.
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතයටතේ නියමය, නිෂ්පාදන බදු(විශේෂ විධිවිධාන) පනත යටතේ නියම සහ ආනයන අපනයන (පාලන) පනත යටතේ රේගුලාසි දෙකක් පිළිබඳ අද (04දා) පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේ.
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති කියලා තමන්ට කැමති එක එක ආයතන සොයගෙන මිතුරන්ට, හිතවතුන්ට මේවා එක එක විදියට දෙන එක නෙවෙයි කරන්න ඕනී. මේකට ක්‍රමවේදයක් තියෙන්න ඕනී. ආණ්ඩුව ක්‍රමවත් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. නැතිනම් බදු සහන පිළිවෙලක් නැතිව දෙන්න ගියා නම් අන්තිමට කොහෙන්ද අපි ආදායම උපයන්නේ? ආදායම උපයන්න වෙන්නේ පොඩි මිනිහාගෙන්. ඔවුන්ගේ වැට් බද්ද වැඩි කරන එක නෙවෙයි කරන්න ඕනී. ඒ නිසා මේ විදේශ ආයෝජන කියන දේ ලංකාවට එන්නේ බදු සහන වලින් නෙවෙයි.
විදේශිකයන් මේ රටට එන්න මිනුම් දණ්ඩක් ලෙස භාවිතා කරන්නේ පවතින දේශපාලන රාමුව. මේක ඇතුලේ සොරකම් තියෙනවාද, දූෂණ තිබෙනවාද කියලා බලලා ඒවා නැතිනම් තමයි මේ රටට එන්නේ. ඒ වගේම ප්රජාතන්ත්රවාදී ලක්ෂණ තිබෙනවාද, මානව හිමිකම් සුරක්ෂිත භාවය තිබෙනවාද, අධිකරණයේ ස්වාධීපත්‍ය තිබෙනවාද, අන්‍ය ජාතීන් සමග දේශපාලන අයිතීන් බෙදාගැනීම වැනි කාරණා තමයි ආයෝජකයෝ එන්නේ. එහෙම කරන්නේ නැතිව එන සෑම විදේශිකයෙකුටම මෙහෙම බදු සහන දෙන්න ගියාම මේ රටට කොහොමද ආදායම උපයාගන්න පුලුවන් වෙන්නේ? මේවා කරන්න බැරිවෙනකොට ආණ්ඩුව ඊලඟට කරන්නේ? තමාගේ ඇදිවත පවා උනා දැමීමට ලෑස්තියි විදේශිකයන්ට.