වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තු වලට අමතරව අතිවාස කාල සීමාව සඳහා අයකරනු ලබන ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදල සංශෝධනය කිරීම සඳහා ආගමික හා විගාමික පනත යටතේ මහජන ආරක්ෂක අමාත්යිවරයා විසින් සාදන ලද නියෝග වලට මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්යාං ශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.
මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්යාං ශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්යක ගරු ටිරාන් අලස් මහතාගේ ප්රිධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී මෙම අනුමැතිය ලබා දෙන ලදී.
ඒ අනුව මෙම නියෝග හරහා, වීසා කාල සීමාව දීර්ඝ කර ගැනීමකින් තොරව වලංගු වීසා කාල සීමාව ඉක්මවා දින 7ක් හෝ අඩු කාලයක් තුළ රටින් පිටවන විදේශිකයන් සඳහා දඩ මුදල් අය නොකිරීමටත්, අතිවාස කාල සීමාව දින 7 කට වැඩි සහ දින 14ක් හෝ ඊට අඩු කාලසීමාවක් සඳහා ඇමරිකානු ඩොලර් 250ක දඩ මුදලක් අය කිරීමටත් හා අතිවාස කාල සීමාව දින 14කට වැඩි කාල සීමාවක් වන විට ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් අය කිරීමටත් ප්රෝතිපාදන සකස් කර ඇත.
සංචාරක ව්යා්පාරයේ ප්රාවර්ධනය, ආයෝජකයින් ආකර්ෂණය කිරීම සහ ශ්රීා ලංකාව තුල ක්රි යාත්මක විදේශ දූත මණ්ඩලවල සේවයේ නියුතු නිලධාරීන් හට ද ඉහත දඩ මුදල් ගෙවීමට සිදුවීම හේතුවෙන් සිදුවන අපහසුතා පිළිබඳව විවිධ පාර්ශවයන් විසින් කරන ලද ඉල්ලීම් අනුව මෙම පියවර ගෙන ඇත. ඒ අනුව මෙම නියෝගවලට ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා ගැනීමට නියමිතයි.
මෙයට අමතරව, විවිධ ස්ථානවල සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බැවින් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ හිඟයක් පවතින බව මන්ත්රීාවරු පෙන්වා දුන්හ. මෙම කාර්ය දීර්ඝ කාලයක සිට ක්රි යාත්මක වන බවත්, නිසි ආරක්ෂක තක්සේරුවක් සිදු කර අත්යා වශ්යන අවශ්යීතා සඳහා පමණක් නිලධාරීන් යොදවන ලෙසත් අනෙකුත් නිලධාරීන් පොලිස් ස්ථානවල සේවයේ යොදවන ලෙසත් අමාත්යා ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.
මේ අතර, මත්ද්රථව්ය සම්බන්ධ වැටලීම්වලට සම්බන්ධ නිලධාරීන් අගය කිරීමට පියවර ගැනීමේ අවශ්යාතාව මන්ත්රීුවරුන් විසින් කාරක සභාවේ අවධානයට යොමු කරන ලදී. ඒ අනුව සෑම පොලිස් කලාපයකින්ම මත්ද්රීව්යු වැටලීම්වලට අදාළ නිර්දේශ ලබා ගනිමින් අදාළ නිලධාරීන් අගය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්යීවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.