විදේශගත ශ්රමිකයන්ට නිවේදනයක්
රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ අනුව විදෙස්ගත ශ්රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාළ ශ්රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් කම්ප්ලේන් මෙනුව හරහා යොමුකිරීමට හැකියාව පවතින බව සඳහන් වේ.
විදෙස්ගත ශ්රමිකයාගේ ගමන් බලපත්ර අංකය, නම, දුරකථන අංකය හා පැමිණිල්ල ඇතුළත් කිරීමෙන් එම සේවාව ලබා ගත හැකිය.
එම පැමිණිලි සඳහා අදාළ පැමිණිලිකරුට යොමු අංකයක් ඒ මොහොතේම තම ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මඟින් ලැබෙන අතර අනතුරුව පැමිණිල්ල කාර්යාංශයේ නියමිත අංශයට යොමු වු පසුව ඒ පිළිබඳව ද දන්වමින් නැවත ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන බව සඳහන් වේ.
popular news
-
සුදු හකුරු ගෙදර සම්මි සමුදිකා දිල්සානි ගුනරත්න Saturday, 02 January 2021 12:42 AM
කොහොමද ලියාපදින්ජ ව්න්නේ කියන්න පුළුවන්ද මට ලංකාවට එන්න ඕනේ මගේ ලමයා බලගන්න කුරුත් නැ අම්මාට අසනීපයි මගේ වීසා යිවරයි මට එන්න පුළුවන් ව්දිහට උදඋ කරන්න සර් ප්ලීස්
Reply : 0 0
Don Saturday, 02 January 2021 05:05 PM
Why online ? What are the SL Embassy staff doing ? Are they doing business ? They help the fraudsters to collect money from poor domestic workers. Foreign Ministry is behind these frauds.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
