විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් පුද්ගලයන් හත් දෙනකුගෙන් රුපියල් ලක්ෂ හැටක් වංචා සහගතව ලබාගත් 48 හැවිරිදි කාන්තාවක ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි.
දෙදරු මවක් වන මෙම කාන්තාව විවිධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා වසරකට අධික කාලයක් විවිධ ස්ථාන වල සැගවෙමින් කාලය.ගතකරමින් සිටින අතරතුරේදී මෙලෙස කූට අන්දමින් රුපියල් ලක්ෂ හැටක මුදල් වංචා කර ඇත. මෙම සැකකාර කාන්තාව දිවයිනේ විවිධ ප්රදේශවල පදිංචි කරුවන්ගෙන් මෙලෙස මුදල් වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ද පොලීසිය පවසයි.
කැලණිය ගෝනවල උදය මාවත ලිපිනය ජාතික හැඳුනුම්පතේ සඳහන් කර ඇතත් ඇයට ස්ථිර පදිංචි ස්ථානයක් නොමැති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත. සැකකාර කාන්තාව තලවතුගොඩ ප්රදේශයේ නිවසක සැගවීසිටියදී ඊයේ (26දා) රාත්රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාරිය අද (27දා)මහර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.