විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. සෞදි විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයකට අනුව සෞදි සංචාරයට එක්වන විදේශ අමාත්යවාය ජනවාරි 23දා සෞදිය බලා පිටත්ව යාමට නියමිතය. ඔහු ජනවාරි 27 දා දක්වා සෞදියේ සංචාරය කිරීමට නියමිතය.
අලි සබ්රි මහතා හා ෆර්හාන් අල් සවුද් කුමරු අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට නියමිතය.
අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මක්කම සහ මදීනා ආණ්ඩුකාරවරුන් ද හමුවීමට නියමිතය.