විදෙස්ගත වන පුද්ගලයන්ට අවශ්‍ය නම් ඒ ඒ රටවල අවශ්‍යතා පරිදි කොවිඩ් එන්නතේ සිවු වැනි මාත්‍රාවක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයද දැනුවත් කර තිබෙයි.