විදෙස්ගතව සිටින 75000ක් ලංකාවට පැමිණිමේ බලාපොරොත්තුවෙන්
දුමින්ද සංජිව බාලසූරිය
විදෙස්ගතව රැකියාව කරන 75000ක පමණ පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.
මෙම පිරිසෙන් 35000කට ආසන්න පිරිසක් ඔවුන්ගේ රැකියා කොන්ත්‍රාත්තු නීත්‍යානුකූලව අවසන් වීම නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින අය වෙති.
එමෙන්ම සෙසු පිරිස අතර අදාළ රටවල නීතිවිරෝධීව සිටින පිරිස, ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය නිසා රැකියා අහිමි වූ හා වැටුප් කප්පාදුවට ලක්වූ අය, කොවිඩ් වසංගතයට බියවීම නිසා ඒ රටවල තවදුරටත් රැඳී සිටීමට කැමැත්තක් නොදක්වන අය මෙන්ම ශ්‍රී ංකාවේ සිටින ඥාතීන්ගේ බලපෑම මත නැවත පැමිණීමට බල කරන පිරිසද සිටින බව වාර්තා වෙයි.
පවතින වසංගත තත්ත්වය හමුවේ බොහෝ රටවල් තමන්ගේ රටවල වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින අය වෙනුවෙන් පොදු සමා කාල ප්‍රකාශයට පත්කර ඇති අතර ඇතැම් සේවකයන්ට ගුවන් ටිකට්පත් හා මවු රටට යෑමේ පහසුකම් ලබාදීමද සිදුකරන බව දැනුම් දී තිබේ.
මේ අතර උද්ගතව ඇති තත්ත්වය ඉතා බුද්ධිමත්ව හා සංවිධානාත්මක කළමණාකරය කළ යුතු බව පෙන්වා දී ඇති විදේශ සේවා නියුක්ති කාර්යංශය රැකියා අවදානමක් හෝ කොසමනය වන තෙක් කොවිඩ් වසංගත අවදානමක් නොමැති විදෙස්ගත සේවකයන්ට ශ්‍රී ලංකාවේ තත්ත්වය තවදුරටත් රැකියාවේ කටයුතු සිදුකරන ලෙස දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

popular news
-
samson de silva Friday, 24 April 2020 08:57 AM
Korey pitata marey kiwwalu. Dan balaaganna puluwan ratawiruwan kiyalaa ang thattuwak palandawalaa thibunu ayata rata karana wiruwo salakana hati!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

