විදෙස්ගත ශ්‍රමිකයන් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක ප්‍රේෂණ යොමුකර ඇතැයි විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ඒසේම ජනවාරි - මැයි කාලසීමාව තුළ ශ්‍රමිකයන් යොමුකර ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලිය 2.347ක් බවද ඔහු පවසයි. සිය ටිවිටර් ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ පසගිය වසරේ අනුරූප කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයන් ලංකාවට යොමුකර ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 1.335ක් බවයි.
කොවිඩ් පෙර පැවැති තත්ත්වයට ශ්‍රී ලංකාව යොමුවීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 150ක් පමණ වැඩිපුර මාසක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවයි.