විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් කොවිඩ් 19 සමාජයට වැළදීම වැළැක්වීමට පියවර
විදෙස්ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ඔවුන්ට කොවිඩ් වැළඳී තිබුණත් ඔවුන් හරහා රෝගය සමාජගතවීම වැළැක්වීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
අද (27දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කරමින් වැඩිදුරටත් පැවැසුවේ ශ්‍රී ලාංකිකයන් අසරණ භාවයට පත්ව තිබියදී ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට වගකීමක් ඇති බවයි.
“කොවිඩ් රෝගය වැළදී වුවද ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් රෝගය සමාජය තුළට ඇතුළුවීමට අප ඉඩ තියන්නේ නෑ.
ගුවන් තොටුපොළේදී අපි ඉතාමත් ආරක්ෂිතව ඔවුන් සමග කටයුතු කරනවා. ඔවුන් නිරෝධානය කටයුතු සඳහා යොමු කිරීමත් නිරෝධායන කඳවුරුවල සිට ආසාදිතයන් බවට තහවුරුවීමෙන් පසුව ඔවුන් රෝහල් ගත කිරීම දක්වාත් සෞඛ්‍ය අංශ ඉතාමත් වගකීමෙන් කටයුතු කරනවා.
මේ රටේ ජනතාවට අපි ආදරයෙන් කියන්න ඕන අපේ රටේ ජනතාව පිටරට සිට ලංකාවට එද්දී ප්‍රජාව තුළට රෝගය වැළඳීම වැළැක්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ.
අපෙ රටේ පුරවැසියන් අසරණ භාවයට පත්ව තිබෙන අවස්ථාවේදි අපිට වගකීමක් තිබෙනවා ඔවුන්ව අපේ රටට ගෙන ඒමට.”
popular news
-
Don Wednesday, 27 May 2020 11:12 PM
උම්මා එකක් දුන්න නං හරි.
Reply : 0 0
බන්දු සමරසිංහ රජ වෙලාද? Thursday, 28 May 2020 07:15 AM
එතකොට අර සීෂෙල්ස් වල වලින් වදම්මවපු ශ්‍රී ලංකික නොවන කට්ටිය අවේ කොහොමද. ඔවුන්ට සහතික දුන්නේ කවුද? එච්චර අවදානමක් අරගෙන විශේෂ ගුවන් යානයක් යවල ගෙන්වන්න ඔවුන් ගේ තියෙන විශේෂත්වය මොකක්ද?
Reply : 0 0
Palitha Thursday, 28 May 2020 10:51 AM
It is a great news madam. අපි එක්සත් අරාබි එමීර් රජයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ලෙස ඉතා අගේ කරමු. කරුණාකර වේගවත් කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

