නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් මගින් මිල දි ගන්නා අයට 10%ක් වට්ටමක් ලබාදීමට තීරණය කෙරේ. විදෙස්ගත ලාංකිකයන් සහ ශ්‍රමිකයන් සදහා මෙම නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් මේ වන විට සලසා ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස මෙම නව ක්‍රම වේදය හදුන්වා දුන් බව ද ඔහු සදහන් කරයි.
නාගරික සංවර්ධන උධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති දෙකක් මේ වන විට අවසන් කර තිබේ. එලෙස අවසන් කෙරුණු බොරැල්ල ඕවල් වීව් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 608 කින් සමන්විත අතර, අංගොඩ ලේක් රෙස්ට් ව්‍යාපෘතිය නිවාස ඒකක 500 කින් සමන්විතයි.
මේ වන විට තවත් මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘති 12 ක් ඉදිකෙරෙමින් පවතී. එමගින් සපුරාලන නිවාස අවශ්‍යතාව නිවාස ඒකක 3,667 කි. මෙම නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන්ට ඩොලර් මගින් මිල දී ගැනීමේ පහසුකම් සැලසීම සදහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමණාකරණ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විධිමත් ආකාරයට බැංකු මගින් විදෙස් මුදල් ප්‍රේෂණය කර ඇති විදෙස් ගත ශ්‍රමිකයන්ට මෙම නිවාස ඩොලර් මගින් ලබා ගැනීමේ දි ප්‍රමුඛතාව ලබාදීම පිළිබදව ද අවධානය යොමු වී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.
පවතින ආර්ථික තත්ත්වය තුළ නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබු මධ්‍යම ආදායම් නව ව්‍යාපෘතින් තාවකාලික ව නවතා තිබුණ ද ඒවා හැකි ඉක්මණින් යළි ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බව ද ඇමතිවරයා සදහන් කරයි. කොලඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශ වල ක්‍රියාත්මක අඩු පහසුකම් ජනාවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සදහා විකල්ප ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. මහ භාණ්ඩාගාරයට බරක් නොවී මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බව ඇමතිවරයා කියයි.
ආසියානු යටිතල පහසුකම් හා ආයෝජන බැංකුවේ ණය ආධාර මත මහල් නිවාස ඒකක 4,074 ක ඉදිකිරිම් කටයුතු අඛණ්ඩව සිදුවෙයි. චීනයේ ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත යුවාන් මිලියන 552 ක මුදලක් උපයෝගි කරගනිමින් අඩු ආදායම් ජනාවාස වල ජීවත් වන පවුල් සදහා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබු නිවාස ව්‍යාපෘති ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන බව ඇමතිවරයා පවසයි. මේ යටතේ පෑලියගොඩ, මොරටුව, දෙමටගොඩ, මහරගම සහ කොට්ටාව ප්‍ර දේශවල නිවාස ඒකක 2000 ක් සහිත ව්‍යාපෘති 05 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියි.