විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් අද (27) පැවැති වැඩසටහනට සහභාගිවු අවස්තාවේදීය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවද විජිත හේරත් මහතා කිවේය.
දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා බවත්, විදේශගත වුවන්ට ඡන්දය ලබාදීමට අවශ්‍ය කරන පහසුකම් සලසලා ඊට අවශ්‍ය කරන නෛතික තත්ත්වය ඇති කරන බව පැවසීය. විදේශ ගත සිටින සියලු දෙනාට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදෙන්න අවශ්‍ය කරන නෛතික සම්පාදනයන් සිදුකරමින් බවතින බවද ඇමතිවරයා පැවසීය.
අද වෙනකොට දේශපාලන අධිකාරිය සල්ලි අරගෙන රට යවනවා කියලා එකක් නැහැ. ඉතිහාසයේ එහෙම නොවෙයි, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරු, රට යන අයගෙන් සල්ලි අරගෙන වංචා කරලා තියේනවා. කිසිවිටක රට යන්න කියලා මුදල් ගෙවිමක් කිසිවෙකුට කරන්න එපා. ඊශ්‍රායලයට රෑකියා සදහා යන අය පිළිබද දත්ත සියල්ල අධික්ෂණය කරන්නේ පිබා කියන ආයතනය විසින්. විදේස් සේවා කාර්යංශය තනිවම නොවෙයි.
ඇමතිවරු හරි දෙශපාලන අධිකාරිය මැදියත්වෙලා තමන්ගේ යහළුවන්ව හිතවතුන් ගේ ගෝලයන්ගේ නම් ඇතුලත් කරන්න කිසිසෙත්ම මැදිහත් වෙන්නේ නැහැ. ඒ සංස්කෘතිය අපි වෙනස් කරලා තියෙන්නේ. සමහර කියාමාර්ග ගන්න පවතින විදේස් සෙවා නියුක්ති කාර්යාංශ පනත බදාවක් වෙලා තියේනවා. එය ප්‍රමාණවත් නැහැ. තියෙන නිතිය වෙනස් කරන්න නව පනතක් හදුන්වා දෙන්න අවශ්‍ය කටයුතු සකස් කරමින් තියෙනවා. ඉදිරියෙදී නව පනතක් හදුන්වා දිමට බලපොරෝත්තු වෙන් ඉන්නවා.
දැනටමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් විශේෂ කමිටුවක් පත් කර තියේනවා. විදේශගත අයට ඡන්දය ලබා දිමට අවශ්‍ය කරන පහසුකම් සලසලා දිමට කටයුතු කරන්න යැයි වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                