මේ වසරේ මුල් මාස 8 තුළදී පමණක් විදෙස් ගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5 116ක් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව සටහන අනුව එය 2024 වසරේ එම කාලසීමාව හා සසදා බැලීමේදී සියයට 19.3ක වර්ධනයකි. 2024 වසරේදී ලැබී තිබුණ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4 288කි.
එසේම අගෝස්තු මාසයේදී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 680ක් විදෙස් ගත ශ්‍රමිකයන් ලංකාවට ප්‍රේෂණය කර තිබුණ අතර 2024 වසරේ අගෝස්තු මාසයේදී අම අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 577.5ක් විය.