එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය මේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන අතර, එය 2022 ඔක්තෝම්බර් 07 වැනි දින අවසන් වීමට නියමිත ය.
එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් ජනපදය, "ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම" යන මාතෘකාව යටතේ සකස් කළ A/HRC/51/L.1 යෝජනා කෙටුම්පත, 2022 ඔක්තෝම්බර් 06 වැනි දින ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මෙම කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ සමාප්ති කොටස සඳහා ජිනීවා නුවර වෙත යාමට නියමිත ය. විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීහු ද ඔහු සමඟ ඊට සහභාගී වනු ඇත.