ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන් මෙම මස 16 දින සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන් කොටුව මහතා පැවසීය.
සමස්ත විදුහල්පති ශ්‍රේණිධාරීන්ට බලපාන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමඟ කළ සාකච්ඡා ඵල රහිත වූ බැවින් මෙලෙස වෘත්තිය කියාමාර්ගයකට එළැඹීමට සිදුවී ඇති බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව වත්මන් විදුහල්පති දීමනාව වැඩි කිරීම හා සෑම ශ්‍රේණිධාරියෙකුටම විදුහල්පති දීමනාව ලබාදීම, දුරකථන දීමනාව ලබාදීම, උසස් කිරීමෙන් පසු මූලික වැටුප් අඩුකරන චක්‍රලේඛය වහා සංශෝධනය කිරීම විදුහල්පති තනතුරු මංකොල්ලය නැවැත්වීම ඇතුළු ගැටලු ගණනාවක් වෙනුවෙන් සාධනීය විසඳුමක් ලැබෙන තුරු මෙසේ වෘත්තිය කියා මාර්ගයකට එළඹෙන බව නිමල් මුදුන් කොටුව මහතා පැවසීය.
ඒ අනුව ජුනි 16 දින සිට සියලු රාජකාරී උදෑසන 7.30 සිට 1.30 දක්වා පමණක් සිදුකරනු ලබන බවද පස්වරු එකයි තිහෙන් පසුව කිසිදු රාජකාරි කටයුත්තකට විදුහල්පති වරුන් සම්බන්ධ නොවන බවත් ප්‍රධාන ලේකම් නිමල් මුදුන් කොටුව මහතා වැඩිදුරටත් පැවසීය.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර