විදුහල්පතිනියක දණ ගැස්සූ බවට ඌව හිටපු මහ ඇමති ( වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී )චාමර සම්පත් දසනායක මහතා ට එරෙහිව බදුල්ල පොලිසිය විසින් පවරා තිබූ නඩුවෙන් අද (15දා) ඔහු නිදොස්කොට නිදහස් කෙරිණි.
මෙම නඩුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවා තිබිණ .මෙහිදී මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා පැවසුවේ සමථ මණඩලයේදි ඇති වී තිබෙන සමථය අනුව චූදිත නිදොස් කොට නිදහස් කරන බවයි .
බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මිය ගේ පැමිණිල්ලක් මත මෙම නඩුව පවරා තිබිණ.නීතිපති උපදෙස් මත මෙම නඩුව සමථමණ්ඩලයට යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේය .
ඒ අනුව බදුල්ල සමථ මණ්ඩලය කැදවූ අවස්ථාවේ දෙපාර්ශවයේ එකගතාව මත සමථයකට පත්වූහ .
සුජීව ජයසිංහ , හේමින්ද දයාවංශ සහ සරත්වීරසිංහ යන නීතිවේදීහු චාමර සම්පත් දසනායක මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටියහ .භවානි රඝුනාදන් මහත්මිය අධිකරණයට පැමිණ නොතිබිණ.
තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ජනාමධ්යවලට අදහස් දක්වමින් චාමර සම්පත් දසනායක මහතා මෙසේ පැවසීය .
ජනතා විමුක්ති පෙරමුණට අයත් වෘත්තිය සමිතියක කීපදෙනෙක් මගේ දේශපාලන ජීවිතයට හානි කිරීමේ අරමුණින් මෙම විදුහල්පතිනිය උපයෝගිකරගනිමින් අසත්‍යය වැපුරුවා .
ජනමාධ්‍ය වලින් පවා විශාල ප්‍රසිද්ධියක් ලබාදුන්නා .නමුත් සත්‍යය හෙළිවතුරු මා නිහඩව සිටියා .
මෙම පාසැලට ඇතුලත්වීමට සුදුසුකම් තිබූ මුස්ලිම් ශිෂ්‍යාවක් බාරනොගැනීම පිළිබදව මට දෙමාපියන් කළ පැමිණිල්ලක් පිළිබඳව මා මෙම විදුහල්පතිනියගෙන් ප්‍රශ්නකළා සිදුවුනේ එපමණයි .
එම විදුහල්පතිනිය පවා එය පිළිගනිමින් මාධ්‍යවලට පවා ප්‍රකාශ ලබාදි තිබියදී අවස්ථාවාදින් ඇය පෙළඹවා මාධ්‍ය වාර්තා බොරු බවට නැවත ප්රකාශකරවා මාධ්‍ය වේදීන් පවා අපහසුතාවට පත්වෙන ආකාරයට නැවත බොරුව වැපිරුවා .පසුව ඇය අවස්ථාවාදීන්ගේ උපක්‍රමය තේරුම්ගිය නිසා සමථකයට පත්වීමට කටයුතු කළා.එපමණක් නොව මට සිදුවූ හානිය පිළිබදව මාධ්‍ය හමුවේ කණගාටුවද පලකලා යැයි චාමර සම්පත් දසනායක මහතා පැවසීය .
කොහොම නමුත් මේ විදුහල්පතිනිය ගැන මට කණගාටුයි .අද ඇය තනිවෙලා . අවස්ථාවාදීන් වැඩේකරගෙන විදුහල්පතිනිය තනි කරලා යැයිද දසනායක මහතා පැවසීය.
බදුල්ලේ පාලිත ආරියවංශ