විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කැබිනට් අනුමැතිය ලද විදුලි ගාස්තු සංශෝධනයට මහජන උපයෝගීතා කොමිසමේ යම් සංශෝධනයක් ඇත්නම් එය ඉදිරිපත් කිරීම සඳහා එම කොමිසමට පෙබරවාරි මස 15දා දක්වා කාලය ලබා දී තිබේ.
මෙම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය 2023 ජනවාරි 01දා සිට කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.