පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සිදුවන අතර විදුලිය කප්පාදුව ඉහළ නොදමන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.