දිවයින පුරාම ඊයේ දිනයේ සිදුවූ විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරමභ කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඊයේ පස්වරු 5 ට පමණ කොත්මලේ සිට බියගම දක්වා දිවෙන ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ බිඳ වැටීමක් හේතුවෙන් සමස්ත දිවයිනේම විදුලිය විසන්ධි විය.
පැය 6ක පමණ කාලයකට පසුව ක්‍රම ක්‍රමයෙන් විදුලිය නැවත යථා තත්ත්වයට පත්කිරීමට ලංවිම කටයුතු කරනු ලැබීය. 2016 වසරේ සිට අවස්ථා කිහිපයකදීම මේ ආකාරයට දිවයින පුරා විදුලිය බිඳ වැටීම් සිදුවිය.