යෝජිත නව විදුලිබල පනත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව නව පනත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතය.
අද (20දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම අනුමැතිය හිමිවිය. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම, පුද්ගලික අංශය දායකත්වය විදුලිබල ක්ෂේත්රයට ලබා ගැනීම, කාර්යක්ෂමතාවය වැඩි කිරීම ආදිය සඳහා නව පනත බාධාවක් නොවන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසයි.