සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවා, රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා එම ගැසට් නිවේදනයෙන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.