ත්රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්වෙරිකුලම් ප්රදේශයේදි විදුලි සැර වද්දා අලියෙකු මරා දැමු පුද්ගලයෙකු ඊයේ (25දා) අත්අඩංගුවට ගත් බව වනජවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
දේවස්තානයක් යටතේ පාලනය වන ගොවිපොලක වැටකට අධිසැර විදුලි සැපයුමක් ලබාදි තිබු අතර මෙම අනවසර විදුලි රැහැනේ වැදි මෙම අලියා මියගොස් ඇතැයි එම දෙපාර්තමෙන්තුවේ ත්රිකුණාමල අඩවි කාර්යාලයේ නිලධාරියෙකු කිය.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගොවිපොලේ මුරකරු වන අතර එම සැකකරු ත්රිකුණාමලය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
