නව සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳව තමන්ගේ තීරණය මැයි 09 වැනිදා ප්රකාශයට පත් කරන බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසි.
ඒ 2026 වර්ශයේ දෙවන හා තෙවන කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනයට ජාතික පද්ධති මෙහෙයුම්කරු වන National System Operator (Pvt) Ltd විසින් ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමට අනුවය.
ඒ අනුව විදුලිගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන උපදේශනය අද (29) සිට ආරම්භ කරන බව කොමිෂන් සභාව සඳහන් කර සිටියි.
ඉන්ද්රමූර්ති ජයසූරිය