මහකුඹුක්කඩවල ගල්කුලිය විහාරස්ථානය අසන්නයෙ නිවෙස් වල විදුලි බිල නිකුත් කරමින් සිටි විදුලි මනු කියවන්නෙකුට පුද්ගලයකු පොලු මුගුරු වලින් අමානුෂීක ලෙස පහර දීමේන් බරපතල ලෙස තුවාල හා අස්ථි බිදිමකට ලක්ව හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත විදුලි ඉංජීනේරු කාර්යාලට අනුයුක්තව සේවය කරනු ලබන සම්පත් නෙරංජන නැමති විදුලි බිල්පත් නිකුත් කරන්නේකු බව ( මනුකියවන්නා) බව පොලිසිය පවසයි.
14 දින දහවල් මෙම පහර දීම සිදුව ඇති අතර විදුලි මනු කියවන්නා අදාල පහර දීම සිදුවු ප්රදේශයෙ නිවෙස් වල විදුලි බිල නිකුත් කරමින් සිටියදී මෙසේ පහර දී ඇති බව කියයි.
විදුලි මනු කියවන්නාට පහර දී ඇත්තේ මෙවර විදුලි බිල වැඩි වී ඇති බව පවසමින් බවත් පහර දිමේන් පසු මෙම සැකකරු මනුකියවන්නාට එම ස්ථානයෙන් ගමන් කිරීමට නොදි පොලු මුගුරු අතැතිව රැක සිට ඇති බවද කියයි.
මෙසේ පහර දීම සිදුකර ඇත්තේ ගල්කුලිය ප්රදේශයෙ ලී මඩුවක් පවත්වාගෙන යන තැනැත්තෙකු බව පොලිසිය කියයි.
පහර දීම සිදුකල පුද්ගයා අදාල මනු කියවන්නාට ගමන් කිරීමට නොදිම හේතුවෙන් හලාවත විදුලි අධිකාරි කාර්යාලය නිළධාරින් මහකුඹුක්කඩවල පොලිසියට දන්වා පසුව පොලිසියද සමග පැමිණ මනුකියවන්නා රෝහල් ගත කිරීමට රැගෙන ගොස් තිබේ.
සිද්දියෙන් පසු පහර දීමට විරෝධය මතු කරමින් විදුලි බල මංඩල නිළධාරි විසින් අදාල පහර දිම සිදුවු මොහොරිය ඇතුළු ප්රදේශ කිපයක විදුලිය විසන්ධි කිරීමට ද කටයුතු කර තිබු බව කියයි.
සිද්දියට සම්බන්ධ 34 හැවිරිදි සැකකරු මහකුඹුක්කඩවල පොලිසිය විසින් 15 දින අලුයම අත් අඩංගුවට ගෙන ආණමඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
මෙම පහර දීම සම්බන්ධව මහකුඹුක්කඩවල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක මායා රන්ජන් මහතා ඇතුළු නිළධාරින් පිරිසක් පරික්ෂණ ආරම්භ කර තිබේ.