විදුලි බිල වැඩිකිරීමට යෝජනාවක් නොමැති බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආර්ච්චි මහත්මිය පැවැසුවාය. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවැසුවාය.
විදුලි අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ කිසිඳු අර්බුදයක් නොතිබුණ 2019 වසරෙ මෙම කාලවකවානුව තුළ ජලය හිඟවීම හේතුවෙන් පැය 04ක දෛනික විදුලි කප්පාදුවක් සිදුකළ බවයි.
එසේම මෙම අර්බුදකාරී කාලසීමාව යටතේ ආගමික ස්ථානවල භාවිත කළ යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් විදුලිය භාවිත කරන බවත් විදුලි බිල අඩුවෙන් අය කරන හෝටල්වලද වැඩියෙන් විදුලිය භාවිත කරන බවත් ඇය පැවැසීය.