ලබන වසරේදී අවස්ථා දෙකකදී විදුලි බිල වැඩි කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අවධානයට ලක්විය.
මුලින්ම අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ විදුලි බිල වැඩි කිරිමට ගෙන ඇති තීන්දුව වහා අත්හිටුවන ලෙසයි. එසේම ලංවිම ඒකක අටකට කැඩීමේ සූදානමක් ඇති බවද ඔහු පැවැසීය.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ අතීතයේ පාඩුව මඟ හරවා ගැනීමට විදුලි බිල වැඩි කිරීම අනුමත නොකරන බවත් විදුලි බිල වැඩි කිරීම මගින් කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි.
එයට පිළිතුරු දෙමින් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේ විදුලි බල මණ්ඩලයේ අලාභය සිදුවන්නේ කොතනදැයි සොයා ගත නොහැකි වී ඇති බවයි.
විදුලි ඒකක පිරිවැය අනුව කලාපයේ වැඩිම මිල ලංකාවේ පවතින බවද අමාත්‍යවරයා පැවැසීය. විදුලි ඒකකයක මිල වැඩිවූ විට නිෂ්පාදන පිරිවැය ඉහළ යන බවත් එය සමස්ත ආර්ථිකයටම බලපානු ඇති බවත් ඔහු පැවැසීය.
එසේම එය උද්ධමනය ඉහළ යාමට හේතුවක් විය හැකි බවත් මේ පිළිබඳව විදුලි බල හා අමාත්‍යවරයාට යොමුකරන බවත් අද පවතින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.