විදුලි බිල වැඩි කරන්න බැරිනම් විදුලි කප්පාදුව වැඩිවේවි
විදුලි බිල වැඩිකරන්නේ පසුගිය පාඩු පියවා ගැනීමට නොවන බවත් පසුගිය පාඩු පියවා ගැනීමට විදුලි බිල වැඩි කරන්නේ නම් වැඩි ප්රතිශතකයන් විදුලි බිල වැඩි කිරීමට සිදුවනු ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ උත්පාදන පිරිවැය ආවරණය කර ගැනීම වෙනුවෙන් පමණක් විදුලි බිල වැඩි කිරීමට තීරණය කර ඇති බවත්ය.
එසේම ජනවාරි 02 දා පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ලබන වසරේදී උත්පාදන, සම්ප්‍රේෂන හා බෙදා හැරීමේ වියදම් සැලකූ විට ඒකකයක් වෙනුවෙන් රුපියල් 48.42ක වියදමක් දැරීමට සිදුවෙනු ඇති බවත් දැනට විදුලි ඒකකයකින් අයකරන සාමාන්‍ය අගය පිරිවැය රුපියල් 29.14ක් බවද අමාත්‍යවරයා පැවැසීය.
මේ අනුව ලබන වසරේදී රුපියල් බිලියන 278ක මූල්‍යමය හිඟයක් ඇතිවන බවත් විදුලි බිල වැඩි නොකර සිටීමට නම් පැය ගණනාවක විදුලි කප්පාදුවකට යා යුතු බවත් ඔහු පැවැසීය.
වර්ෂාව ලැබෙන්නේ නම් ලබන වසරේ ජුනි මාසයේදී විදුලි බිල අඩු කිරීමට හැකියාවක් ඇති බවත් විදුලි බිල වැඩි කරන්නේ ජනතාව සමග ඇති වෛරයකින් නොවන බවත් ඔහු පැවැසීය.
විදුලි බිල වැඩි නොකරන්නේ නම් බදු වැඩි කිරීම, මුදල් මුද්‍රණය කිරීම හා විදුලි කප්පාදුව වැඩි කිරීම වැනි විකල්පවලට යාමට සිදුවෙනු ඇති බවද ඔහු පැවැසීය.
popular news
-
Dayan Tuesday, 27 December 2022 01:59 PM
This guy is.terorising people.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

