විදුලි ජනනය සඳහා ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් ගල්අඟුරු නෞකා 24 ක් ජනවාරි මස සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා කාලය තුළ ලැබීමට නියමිත බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පවසයි.
ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 බැගින් වන නෞකා 33 ත් 38 ත් අතර සංඛ්‍යාවක් වසරක විදුලි ජනනයට අවශ්‍ය වන බවද මෙම වසර සඳහා ඇස්තමේන්තු කර ඇති ගල්අඟුරු නෞකා 33 න් හතරක් පසුගිය මස කොළඹට ළගා වූ බවද සභාපතිවරයා සඳහන් කළේය.