මාධ්‍ය වාර්තා කළ පරිදි විදුලිය ගාස්තු සංශෝධනයක් සිදු නොවන බත් රජයේ ප්‍රතිපත්ති තීරණය වන්නේ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී පමණක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරිම බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපයීමට ලංවිම සැලසුම් කර ඇති බවත් දැනට බලාගාරවල පවතින සම්පූර්ණ ධාරිතාව විදුලිය උත්පාදනය කිරීම සඳහා භාවිත කරන බවත් අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් ස ඳහන් කරයි.
විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ ඊයේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමක් පැවැත්වූ බවත් එහදී විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්මාන්තය සඳහා මුදා හැරිය හැකි උපරිම ජලය මුදා හැරීම ගැන සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා පැවැසීය.
ඉදිරි මාස 12 සඳහා විදුලිය උත්පාදනය, කෘෂිකර්මාන්තය සඳහා ජලය මුදා හැරීම, ජල විදුලි ධාරිතාව, පවතින තාප විදුලි විකල්ප පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු පැවැසීය.
එසේම ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර සහිත පොල්පිටිය-හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගය නිම කිරීම සඳහා මේ වන විට ගැටලුවක් බවට පත්ව ඇති ඉඩම් හිමියා සහ ලංවිම අතර ඇති වූ ආරවුල සමථයකට පත් කිරීම සඳහා වන සාකච්ඡාව අගෝස්තු 11 වැනිදාට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නියම කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
දකුණු පළාත සම්බන්ධ කෙරෙන කිලෝමීටර් 150 ක සම්ප්‍රේෂණ මාර්ගය පසුගිය මාස 3 තුළ නතර වී ඇත්තේ එම මාර්ග සම්බන්ධ කර ඇති මීටර් 650 ක ඉඩමක රජයේ තක්සේරුව සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් බවත් ආරවුල සමථයකට පත් කළහොත් දින 4 කින් වැඩ අවසන් කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. ලංවිම විසින් දැනටමත් රජයේ තක්සේරුව මත තවත් පුද්ගලයින් 2500 දෙනෙකුට වන්දි ගෙවා එම ප්‍රදේශවල කිලෝමීටර් 150 ක වැඩ නිම කර ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි්