විදුලි ගාස්තු ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා වන විදුලි බිල ඉහළ අප්‍රේල් 01 දා සිට ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී තිබේ.
මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණි.
විදුලි ගාස්තු වැඩිවීම
ඒකක 0 සිට 30 දක්වා විදුලි ගාස්තුව 4.3%කින් ඉහළට (මාසික ගාස්තුව රුපියල් 15 කින් ඉහළට)
ඒකක 31-60 දක්වා විදුලි ගාස්තු 6.9%කින් ඉහළට (මාසික ගාස්තුව රුපියල් 45 කින් ඉහළට)
ඒතත 61-91 දක්වා විදුලි ගාසතු 6.9%කින් ඉහළට (මාසි ග්සුතුව රුපියල් 120කින් හඉහළට)
ඒකක 91-180 දක්වා විදුලි ගාස්තු 7.1%කින් ඉහළට ගොස් ඇති අතර එහි මාසික වැඩිවීම 420ක්ද වේ.
ඒකක 180ට වැඩි ඒකක සඳහා විදුලි ගාස්තු ඉහළ ප්‍රතිශතයකින් වැඩි වී ඇති අතර එය 25%කින් විදුලි ගාස්තු වැඩිවීමක් ද සිදුකර තිබේ.
මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොයයි.
අංශයේම ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක්...
මේ අතර පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 8%කින් ඉහළ දැමීමටද තීරණය කර ඇති අතර කර්මාන්ත අංශය සඳහා විදුලි ගාස්තුව 8.7ක් දක්වා පමණක් සීමා කිරීමටද එම කොමිෂන් සභාව තීරණය කර ඇත.
රාජ්‍ය ආයතන සඳහාද විදුලි ගාස්තුව 14.1%කින් ඉහළ දැමීමටද උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
