විදුලි කෝෂ මගින් ක්‍රියාකරන ධීවර යාත්‍රාවක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නිරික්ෂණයට ලක්විය.එසේ නිරික්ෂණයට ලක්කල ධිවර යාත්‍රාව සාගරයට දියත් කිරීම සදහා අත්හදා බැලිම අමාත්‍යවරයාගේ ප්‍ර ධානත්වයෙන් ඊයේ (04දා) පානදුර ධිවර වරායේදි සිදු කෙරිණි.
ශ්‍රි ලංකාවේ ප්රමුඛ පෙලේ මෝටර් නිෂ්පාදන ආයතනයක් වන බන්ඩාරගම කහතුඩුවේ මිල්ටන් මොටර් ස් ආයතනය මගින් ධිවර යාත්‍රා සදහා විදුලි කෝෂ සහිත එන්ජිමක් නිෂ්පාදනය කර තිබු අතර එම එන්ජිම සදහා වැය වී ඇති මුදල රුපියල් ලක්ෂ තුනක් පමණ වේ.
මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේ මෙම විදුලි කෝෂ සහිත ධිවර යාත්‍රා එන්ජිම ජාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදනය කර තිබිම පිලිබද අගය කරන අතර ඒ තුළින් ඉන්ධන සදහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගත හැකි බවත් එබැවින් පරිසරය සුරකෙන බවද පැවසිය
වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා මේ පිළිබද ඉදිරි කැබිනට් මණ්ඩලයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරිමට පියවර ගන්නා බවත් ඒ අනුව මිල්ටන් මොර්ටස් ආයතනයට රාජ්‍ය අනුග්‍රහය ලබාදිමට පියවර ගන්නා බවද පැවසිය. තවද විදුලි කෝෂ සහිත එන්ජින් ධිවරයන්ට ලබා ගැනිම සදහා අමාත්‍යංශය සතු මුදල් ප්‍රතිපාදන වලින් ලබාදිමට ඇති හැකියාව සොයා බලන අතර බැංකු ණය ක්‍රමයක් හෝ ලබාදිමට අවශ්‍ය අනුමැතිය සදහා කැබිනට් පත්‍රිකාවන් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බවත් පැවසිය .