ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරන තුරු කිසිු ආකාරයක විදුලිය කප්පාදුවක් නොකරන බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (020) පොරොන්දු විය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට මානව හිමිකම් කොමිසම කළ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අපහාස කළැයි චෝදනා කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට ඇති පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා මණ්ඩලය වෙනුවෙන් එසේ පොරොනන්දු විය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විනසුරුවරුන් වන ප්‍රීතී පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ ශීරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය ලබාදීමට මානව හිමිකම් කොමිසම කළ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අධිකාරි බලයට අපහාස කළැයි චෝදනා කරමින් මානව හිමිකම් කොමිසම මෙම පැමිණීල්ල ඉදිරිපත් කොට ඇත.
පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විනසුරුවරු යසන්ත කෝදාගොඩ මහතාා අධිකරණය අමතමින් විදුලි කප්පාදුව උසස් පෙළ විභාගයට බාධාවක් නිසා මෙම පෙත්සම හදිසි කටයුත්තක් ලෙස සළකා බැලීය යුතු යැයි පැවසීය.
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කරමින් පෙත්සමට අදාළව පාර්ශවකරුවන් කිහිප දෙනෙකුගෙන් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය ඇති හෙයින් පෙත්සම වෙනත් දිනයක කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
එලෙස පෙත්සම යළි කැඳවන දිනය තෙක් කිසිු ආකාරයක විදුලිය කප්පාදුවක් නොකරන බවද ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ නියෝගය නිකුත් කළ විනිසුරු මඩුල්ල පෙත්සම හෙට (03දා) උදෑසන යළි කැඳවීමටද නියම කළේය.