ශ්රී ලංකාවේ මේ වන විට ක්රියාත්මක පැය තුනක විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20ක් දක්වා අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.
ඒ අනුව අගෝස්තු 30 දා සිට සැප්තැම්බර් 02 දා තෙක් මෙම පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුව ක්රියාත්මක වෙයි. මෙහිදී දහවල් කාලයේදී පැයක විදුලි කප්පාදුවක් හා රාත්රී කාලයේදී පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීමට නියමිතය.