හෙට (06දා) සිට එළැඹෙන 9 දා දක්වා විදුලි කප්පාදුව පැයක් පමණක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 6.00 සිට රාත්රී 9.00 දක්වා විදුලිය කප්පාදු ක්රියාත්මක වෙයි.
බිඳ වැටීමට ලක්වූ නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්රය මේ වන විට පද්ධතියට එක්ව තිබීමත්, ජල පෝෂක ප්ර දේශවලට ලැබෙන වර්ෂව සමග ජල විදුලි උත්පාදනය වැඩිවීමත් හේතුවෙන් මෙසේ විදුලි කප්පාදු කරන කාලය අඩුවී තිබේ.