පාස්කු ප්රහාරය වැළැක්වීමට පියවර නොගැනීමට අදාළ නඩුව විභාග වන අවස්ථාවේ දී හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා අද (27දා) අවවාද කළේය.
එම අවවාදයෙන් පසු හිටපු ජනාධිපතිවරයා විත්ති කූඩුවට නැග තිබේ.
මෙම නඩුව ඉදිරියේදි කැඳවන සෑම අවස්ථාවකම සැකකරුවෙකු සිටිය යුතු ස්ථානය වන විත්ති කූඩුවට නගින ලෙසට මහේස්ත්රාත්වරයා තරයේ අවවාද කළේය.
මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු අය විසිනි.