අධිකරණයට සහ නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් උපකාරක පන්ති ගුරුවරයකුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එය වසර පහක කාලයකට අත්හිටුවීමට නියම කළේය.
අත්හිටවු සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 03 ක දඩයකටද ඔහු යටත් කොට එම දඩ මුදල සති දෙකක කාලයක් තුළ ගෙවා අවසන් කිරීමට නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දඩ මුදල නොගෙවුවහොත් මාස හයක අමතර ලිහිල් සිර දඬුවමකටද ඔහු යටත් කළේය.
චෝදනාවට වරද පිළිගැනීම නිිසා මෙලෙස ද`ඩුවම් නියම වුයේ උපකාරක පන්ති ගුරුවරයකු වන විමල් රොහාන් කෝදාගොඩ මහතාටය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාල තීීන්දුව ප්‍රකාශයට පත් කළේය.
2019 වසරේ අගෝස්තු මස 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නඩු විභාගයක් අවසන් වීමෙන් අනතුරුව අධිකරණ ශාලාවේ සිටි නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට බැණ වදිමින් තර්ජනය කිරීමෙන් ඔහුට මෙන්ම අධිකරණයටද අපහාසයක් සිදු කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.
නිවාඩු පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගය අවසන් වීමෙන් අනතුරුව අධිකරණ ශාලාවේ සිටි නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට බැණ වදිමින් තර්ජනය කළ බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන පෙනී සිටි නීතඥවරයා අධිකරණය අමතමින් අදාළ චෝදනාවන්ට තම සේවාදායකයා වරද පිළිගන්නා බව දැනුම් දුනනේය.
සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් මෙනම විජයදාස රාජපක්ෂ මහතාගෙන්ද සමාව අයැද සිටින බව දැනුම් දුන් විත්තිකරුගේ නීතඥවරයා තම සේවාදායකයාට ලිහිල් ආකාරයෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටියේය.
මෙම සිද්ධියේ පැමිණ’ලිකරු වන අමාත්‍යවරයකු මෙන්ම නීතීඥවරයකුද වන විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය අමතමින් විත්තිකරුගේ සමාව ඇයැදීමෙන් තමන් සෑහීමකට පත්වන බව දැනුම් දුන්නේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණය අමතමින් විත්තිකරු බරපතළ වරදක් සිදු කර ඇතැයි පැවසීය.
ගුරුවරයෙකු වන විත්තිකරු මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් තමන්ගෙන් ඉගෙනුම ලබන ළමුන්ට වැරදි දෑ ඉගැන්වීමෙන් වළකින ලෙසත් දැනුම් දෙමින් විත්තිකරුට කරයේ් අවවාද කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා තමන්ට වඩා උසස් ආයතන රටේ ඇති බව තේරුම් ගන්නා ලෙස විත්තිකරුට දැනුම් දුන්නේය.
මෙවැනි මෝඩ ක්‍රියා සිදු කිරීමෙන් වළකින ලෙස දැනුම් දෙමින් විත්තිකරුට තරයේ අවවාද කළ විනිසුරුවරයා සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගෙන සමාව අයැද සිටීම නිසා විත්තිකරු කළ වරද බරපතල වුවත් ලිහිල් ආකාරයෙන් කටයුතු කරන බව ස`දහන් කරමින් අදාළ ද`ඩුවම නියම කළේය.
