විගමනික ශ්‍රමිකයින් ඇගයිම සදහා සංවිධානය කොට තිබු විගමනික හරසර වැඩසටහන සදහා රුපියල් මිලියන 63ක මුදලක් වියදම්කොට තිබුනද උත්සව අවස්ථාවේ ලබාදුන් ආහාරපාන හැර ශ්‍රමිකයින්ගේ ඉදිරි සුභසාධනය සදහා ස්වයං රැකියා හෝ වෙනත් ප්රතිලාභ ලැබි නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
පැමිණි ශ්‍රමිකයින් සදහා උපහාර පිදිම සදහා හිටපු ජනාධිපතිතුමාගේ, හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගේ සහ හිටපු රාජ්‍ය ඇමතිතුමාගේ සුභ පැතුම් තුනක් සහිතව ලිපිගොනුවක් ප්රදානය කිරිමට රුපියල් දහනමලක්ෂ,තිස්පන්දහසක මුදලක් (1,935,000) වියදම්කොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අදාල විගමනික ශ්‍රමිකයින් උත්සව සදහා කැදවාගෙන ඒමට බස්රථ 226ක් සදහා ලංකා ගමනාගමන මණ්ඩලය වෙත රුපියල් අසුලක්ෂ,හතලිස්එක්දහස්,හාරසියහැත්තැහයක මුදලක් (8,041,476) වැයකොට තිබුණි. ශ්‍රමිකයින්ගේ ප්රතිලාභ වලට වඩා අමතර වියදම් වැඩිපුර දරා තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍යංශය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව ඇත.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද
