විදේශ රැකියාවල නියුතුව සිටියදී මරණයට පත්වූ රෝගීවූ සහ අනතුරුවලට ලක්වූ නමුත් රක්ෂණ වන්දි සඳහා හිමිකම් නොලබන විගමනික ශ්‍රමිකයින් සඳහා සේවක සුභසාධන අරමුදල මගින් සහන ප්රතිලාභ පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශදී පැවැත්විණි.
සේවක සුභසාධන අරමුදල් කමිටුව මඟින් අනුමත කරන ලද ලිපිගොනු 40 ක් යටතේ ප්‍රතිලාභීන් 84 ක් සඳහා රුපියල් මිලියන 9.95 ක මුදලක් ප්රදානය කිරීමට අනුමැතිය ලැබී ඇති අතර, එම අනුමැතිය යටතේ බස්නාහිර පළාතේ ලිපිගොනු 20 ක, ප්‍රතිලාභීන් 47 ක් සඳහා රුපියල් මිලියන 5.25 ක වටිනා කමින් යුත් චෙක්පත් රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් අද (10දා) ප්රදානය කරන ලදී.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා විදේශ ගත වන සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලයේ රක්ෂණාවරනයක් හිමි වේ. එම රක්ෂණාවරනය කාර්යාංශයේ ලියාපදිංචි වලංගු කාලසීමාව වන වර්ෂ 2 ක් හෝ 3 ක් සඳහා බලපැවැත්වෙන අතර,ඒ යටතේ මරණ වෙනුවෙන් සහ බරපතල රෝගී තත්ත්වයන්, අනතුරු සහ හිරිහැර සඳහා වන්දි හිමිවේ.
එම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආවරණය නොවන අවස්ථාවලදී ඉතාමත් සාධාරණ හේතූන් සඳහා මානුෂීය පදනම මත සලකා බැලීම සඳහා සේවක සුභසාධන අරමුදලෙහි විශේෂ කමිටුවට යොමුකරනු ලබන අතර , එම කමිටුව මගින් ගන්නා ලද තීරණයන් මත සහන සැලසීම සිදු කරනු ලබයි.
