විගමණික ශ්‍රමිකයන්ට රු. කෝටියක් දක්වා නිවාස ණය
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත කර වසර 40 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර ඇති විශේෂ සැමරුම් උත්සවයක් හෙට දින (11/15) අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
“දේශ සීමා ඉක්මවා- ශ්‍රි ලාංකිකයින් බලගැන්වීම” යන්න තේමා කරගනිමින් මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන අතර, ඊට සමගාමීව විගමණික ප්‍රජාව වෙනුවෙන් සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
විගමණික ප්‍රජාව වෙත පහසුකම් සැපයීමේ යෙදවුම හඳුන්වාදීම, ශ්‍රමිකයෙකුගේ මරණයකදී පවුලේ ඥාතීන් වෙත ගෙවන දීමනාව රු.40000 සිට රු.100000 දක්වා ඉහල නැංවීම, නව්‍යකරණය කරන ලද 24 පැය ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීම, සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන විගමණික ශ්‍රමිකයින් ඇගයීම, දීර්ඝ කාලයක් පවත්වාගෙන යන විදේශ රැකියා නියෝජිතායතන ඇගයීම, විගමණික දූදරුවන් සඳහා මූල්‍යමය සහයෝගය ලබාදීමේ වැඩසටහන ආරම්භ කිරීම, ශ්‍රමිකයෙකුගේ මරණයකදී ලබාදෙන රක්ෂණ වන්දි මුදල ලක්ෂ 6 සිට ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීම, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරණ වැඩසටහන ආරම්භ කිරීම, විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා ලැප්ටොප් පරිගණක ප්රදානය කිරීම, විගමණික ශ්‍රමිකයින් සඳහා නිවාස ණය මිලියන 10ක් දක්වා ඉහළ නැංවීම හා ජනාධිපති අරමුදල මගින් විගමණික පවුල් සඳහා ප්රතිලාභ ලබාදීම වැනි පහසුකම් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

