වික්ටෝරියා ජලාශය ආශ්රිත ප්‍රදේශයේ මහවැලි ගඟේ මිරිදිය ධිවර් කර්මාන්තයේ යෙදෙන වෘත්තිය වශයෙන් ධිවර රැකියාවේම නිරත ධිවරයන් මේ දිනවල මසුන් හසු නොවීම නිසා අපහසුතාවයට පත්ව සිටින බව ඔවුහු ප්‍රකාශ කරති.
මධ්‍යම පළාත තුළ මිරිදිය ධිවර කර්මාන්තය වැඩි දියුණු කර ප්‍රදේශයට මිරිදිය ධිවර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමටත් අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර සඳහා මසුන් ලබා දීමත් අරමුණු කර ගෙන පළාත තුල මිරිදිය මත්ස්‍ය කර්මාන්තය වර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ සඳහා කලින් කල මත්ස්‍ය පැටවුන් විශාල ප්‍රමාණයක් ජලාශයට මුදා හැරීමද සිදු වෙයි.
එසේ වුවත් මෙම කාලයේ පවතින අධික සුළං නිසා සහ වෙනත් හේතුන් නිසා මසුන් හසු නොවන බවත් ජලාශයට ගොස් පැය ගණනක් ගමන් කර නැවත හිස් අතින් පැමිණෙන බවත් ඔවුහු කියති.
මහනුවර මොහොමඩ් ආසික්
