වික්ටෝරියා ජලාශ ප්රදේශයට මේ දිනවල බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් කිලෝ මීටර 26 ක් පුරා පැතිරී තිබෙන මෙම ජලාශයේ ජලය ඝන මීටර් මිලියන දෙකක් දිනකට වාෂ්ප වන බව එම ජලාශය බාර ප්රධාන ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි .
ජනවාරි මාසයේ දින 30 ක කාලයකදී ජලාශයේ ජලය ඝන මීටර මිලියන 180 ක පමණ ජල ප්රමාණයක් මුදා හරිමින් ගිගාවොට් පැය 85 ක පමණ විදුලි ප්රමාණයක් ජාතික විදුලි පද්ධතියට මුදාහැර තිබෙන බව පවසන ඇහැළ පිටිය මහතා දෛනිකව ගිගාවොට් පැය 2.5 ත් 3.00 ත් අතර විදුලි නිෂ්පාදනයක් කරන බවත් පවසයි .
වික්ටෝරියා ජලාශයේ උපරිම ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 438 ක් වන අතර පසුගිය 28 වැනිදා වන විට එය මිටර 423 ක් දක්වා පහත බැස ඇති බව ද ඉංජිනේරුවරයා පවසයි . ජලාශයේ උපරිම ජල ධාරිතාව ඝන මීටර් මිලියන 723 ක් වන අතර පසුගිය 28 වැනිදා වන විට එම අගය පැවතියේ 218.7 වශයෙන් බව ද පැවසීය .
ෂේන් සෙනෙවිරත්න