වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශ නිරීක්ෂණයට පොලිස් කණ්ඩායම්
වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් ඊයේ (09දා) සවස පිටත්ව ගොස් ඇති බව ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
ජල විදුලි නිෂ්පාදනය නොවන අවස්ථාවක බලාගාර ආශ්රිත ප්‍රධාන ජලාශ වලින් ඊයේ(09දා)පෙරවරුවේ ජලය මුදා හැරිය බවට එල්ල වූ චෝදනා පදනම් කරගනිමින්එම ජලාශ නිරීක්ෂණය කිරීමසඳහා මෙම පොලිස් කණ්ඩායම් පිටත්ව ගොස් ඇති බවයිපැවසෙන්නේ .
රන්දෙණිගල ජලාශයේ වාන් දොරටුවක් පැය දෙකකට ආසන්න කාලයක් ඊයේ(09දා) පෙරවරුවේ විවෘත කොටසියලු විදුලි නිෂ්පාදනයකින් තොරව එම ජලය මුදා හැරිය බවට කරුණු වාර්තා විය .
ජල විදුලි නිෂ්පාදනයට අමතරව ප්‍රධාන ජලාශ වලින් මිනිපේ ගොවි ජන ව්‍යාපාරය සඳහා ජලය මුදා හැරෙන්නේ ජල ලේකම් කාර්යාලයේ නිර්දේශ මත සිදුකරන බවත් එ අනුව රන්දෙනිගල ජලාශයට යම් ජල ප්‍රමාණයක් නියමිත අනුමැතියට යටත්ව මුදාහැර තිබෙන බවත් මහවැලි අධිකාරිය පවසයි.
මෙයට අමතරව කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සමනල, ඉහළ කොත්මලේ, විමලසුරේන්ද්‍ර යන බලාගාර වල ඊයේ (09) අලුයම 3.00 සිට පෙරවරු 6.00 දක්වා ක්‍රියාවිරහිත වීම සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ .
ෂේන් සෙනෙවිරත්න
popular news
-
Kumar Friday, 10 June 2022 05:36 PM
jalasha paalanaya ingineruwanta dunnoth thama honda. motta police lokko dannawada jalasha kalamanakaranaya. Victoriyawe swayankreeya waan doratu kriyakaranne jalashaya pirena wegaya anuwayi. rantambe ithama kuda jalashayak. emanisa pirena waygay anuwa waan wivurtha karanna oney. esay nokaloth bammata udin jalaya diya ellak wagey adahalenna patan gani. emahethuwa nisa bammata haani siduviya haka. lakashapaana bammata mama lankawe inna kaalay ewani deyak siduvuna. esay siduvuney gattuwa vivurtha karan cabel eka akriyawimwnuyi. victoriyawe waan gattu vivurtha whenney arkarshan balayen jala mattama anuyi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

