හලාවතල පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුවල රාජකදලුව ප්‍රදේශයේ පොලිස්ථානයට ආසන්නයේදී අද(14දා) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙම රියඅනතුරෙන් මරණයට පත්ව ඇත්තේ අඩිප්පලල වැලිපෑලැස්ස පදිංචි කාංගන ප්‍රේම ජයන්ත නැමති 59 හැවිරිදි පුද්ගලයෙකු සහ නල්ලදරන්කට්ටුව ඉහල අත්තංගනය පදිංචි සමරකෝන් ගෙදර ජූඩ් නැමති 51 හැවිරිදි පුද්ගලයෙකි.
පුත්තලම දෙසසිට හලාවත දෙසට අධික වේගයෙන් පැමිණි වෑන්රථයක් වේගය පාලනය කරගත නොහැකිව පාරෙන් විරුද්ධ දෙසට පැන එහි නවතාතිබූ යතුරු පැදියක් යටකරගෙන හලාවත දෙස සිට පුත්තලම දෙසට පැමිණි යතුරු පැදිකරු දෙදෙනෙකුද යටකරගෙන ගොස් ඇතිබව පොලීසිය සිදුකළ මූලික විමර්ෂණ වලදී තහවුරු කරගෙන ඇත.
අනතුර සිදුවීමට තත්පර කිහිපයකට පෙර එම ස්ථානයේ යතුරුපැදිකරුවෙකු නවතාගිය යතරුපැදිය අනතුර සිදුකළ වෑන් රථයේ හැප්පී ඉදිරියෙන්
පැමිණි යතුරුපැදියේද හැප්පෙන අයුරු සී. සී. ටී. වී කැමරාවක සටහන්ව තිබුනි.අනතුරෙන් පසු බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පැමිණි
පුද්ගලයින් දෙදෙනා පොලිස් නිළධාරීන්ගේ මැදිහත්වීමෙන් හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්වු බව හලාවත
රෝහල් ආරංචි මාර්ග පවසයි.
අනතුර සිදුකළ 22 හැවිරිදි වෑන්රථ රියදුරා ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. වී. අරුණශාන්ත මහතාගේ උපදෙස්මත රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මංගලනාත් මධුරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් වික්‍රමසිංහ 8217 පොලිස් කොස්තාපල් ජයතිස්ස යන පොලිස් නිළධාරීන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ලලිත් ඒ කේ නවරත්න


