පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවලට ජුලි මස 18 වන දා සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළං තත්වයක් බලාපොරොත්තුවන බවද එම නිවේදනයේ දැක්වෙයි.
අද පෙරවරුවේ නිකුත් කල නිවේදනය හරහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ සිය දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව මහජනතාව අවධානයෙන් පසුවන ලෙසයි.