දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු - මැද හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවද සෙසු ප්‍ර දේශවල මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.