බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති බව බවත් පුත්තලම, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර හා ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයෙත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී අගෝස්තු මස 28 දින සිට සැප්තැම්බර් 07 දා ශ්‍රි ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව හෙට දහවල් 12.11ට තලෙයිමන්නාම හා ඉරමියන්කුලම්, කරප්පුකුට්ටි, පාලම්පාසි (මුලතිව් දිස්ත්‍රික්කය) ප්‍ර දේශවලට හිරු මුදුන්ව පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.