ධාරානිපාත වර්ෂාවත් සමඟ අකුරණ ප්රදේශයෙන් ගලා බසින පිඟා ඔය ගොඩ ගැලීම හේතුවෙන් ව්යාපාරික ස්ථාන සහ නිවාස ජලයෙන් යටවීම න වීම නිසා සිදු වූ පාඩුව රුපියල් කෝටි 300 ඉක්මවන බව එහි ව්යාපාරික ප්රජාව අකුරණ ප්රාදේශීය ලේකම්වරියට දැනුම් දී තිබේ.
මෙම ජල ගැල්ම හේතුවෙන් අඹතැන්න සිට අකුරණ 07 කණුව දක්වා ව්යාපාරික ස්ථාන සහ නිවාස 340 කට අලාභානි සිදු වි ඇති බව අකුරණ ප්රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ මහත්මිය පවසයි.
එම ව්යාපාරික ස්ථානවලට සහ නිවාස වලට සිදුවී තිබෙන අලාහභානි ඇස්තමේන්තු කිරීම සඳහා රජය මගින් කණ්ඩායම් 05 ක් යොදවා තිබෙන බවද ප්රාදේශීය ලේකම්වරිය පැවසීය.