“වැවට සවියක්” ජාතික වැඩසටහන යටතේ මහවැලි කලාපයෙහි පිහිටි කුඩා හා මධ්‍ය පරිමාණ සියලුම වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනක් ‘ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම පශූ සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම වැඩපිළිවෙළේ පළමු අදියර ලෙස තෝරාගත් වැව් 109ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර එහිදී වැව් 109ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ව්‍යාපෘති 157ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම අදියර සඳහා රුපියල් මිලියන හාරසිය අසූ හතරක ඇස්තමේන්තුගත වියදමක් අපේක්ෂා කරන අතර මෙම වැඩසටහන මඟින් පෝෂණය වන ප්‍රදේශවල ගොවි ජනතාවට යල මහ යන කන්න දෙකෙහිම වගා කිරීමට අවශ්‍ය ජලය ලබා දීමට අපේක්ෂා කරන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එසේම මහවැලි කලාපවල ගොවිජනතාවට අතර මැද කන්නය සඳහා අතිරේක භෝග වගා කිරීම සඳහා ජලය ලබා දීම මගින් ද ඔවුන්ගේ ජීවන තත්වය වඩාත් උසස් කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම ද මෙමගින් සිදු කරනු ලබන බවද සඳහන් කරයි.