දකුණු කොරියාවේ සේමාවුල් පදනමේ අනුග්‍රහය ඇතිව ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් වැලිමඩ ප්‍රදේශයේ ඉඳිකරන ලද බීජ අර්තාපල් නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කෙරිණි.
මෙමඟින් තත්වයෙන් උසස් බීජ අර්තාපල් අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදනය කර ගොවීන්ට බෙදාදීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියට බොරලන්ද සත්ව ගොවිපොළේ අක්කර පහක පමණ භූමියක් යොදාගෙන ඇති අතර හරිතාගාරයන් තුළ බීජ නිෂ්පාදනය කිරීම සිදුකෙරේ.
වාර්ෂිකව බීජ ටොන් පහක් පමණ නිෂ්පාදනය කිරීම මෙහිදී සිදුකෙරේ.වසර පහක පමණ කාලයකින් පසු දිවයින පුරා සිටින ගොවීන්ට බීජ අර්තාපල් ලබාදීමට සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ජේ.එම් කපිල ජයසේකර,ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න,දකුණු කොරියාවේ සේමාවුල් පදනමේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක,පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන් වන උපාලි ජයසේකර (ක්‍රීඩා) නිමේෂා ප්‍රියංගි වනසිංහ (කෘෂිකර්ම ) යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
මොණරාගල සුමනසිරි ගුණතිලක
