වැලිගම ලසා පාතාල අපරාධකරුවෙක්
වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා පාතාල
අපරාධකරුවෙක් බවත් ඔහුට එරෙහිව නඩු හයක් විභාග වෙමින් පවතින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද
විජේපාල මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය. මෙම වෙඩි තැබීමෙන් මහජන ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත්
ඔහු පැවැසීය.
"වැලිගම ප්‍රා දේශීය සභාවේ සභාපති ඝාතනයට ලක්වුණා. මෙයින් මහජන ආරක්ෂාවට තර්ජනයක් වෙලා නෑ. සංවිධානාත්මක අපරාධකරුවන් අතර අවි ආයුධ තිබෙනවා. ගැටුම් තිබෙනවා. අද දින සිදුවුණ ලසන්ත වික්‍රමසේකර. නොහොත් වැලිගම ලසා මහජන නියෝජිතයෙක් බවට පත්වුණාට මෙයා පාතාල අපරාධකරුවෙක්.
නඩු 6ක් තිබෙනවා. සිර දඩුවම් ලබා තිබෙනවා. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි. ඉන්දුනිසියාවෙන් ගෙනාපු අපරාධකරුවන්ගෙන් ප්‍රකාශ අනුව මොහු සතුව ආයුධ තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගත් බවට චෝදනා තිබෙනවා.
අපි කිසිසේතම පාතාල හෝ වෙනත් පුද්ගලයෙක් මිය යාම අගයන්නේ නෑ. මේ ගැන විධිමත් විමර්ශනයක් කරනවා.
කවුරු වුණත් මහජන ක්‍රියාකාරිකයෙක් බවට පත්ව තිබෙනවා. මෙයා මහජන නියෝජිතයෙක් කියන කැටගරියට
නෙමෙයි පාතාල ක්‍රියාකාරිකයෙක් බවට පත්වෙනවා. මහජන නියෝජිතයෙක් ලෙස පත්කරන පුද්ගලයා නීතිගරුක
පුද්ගලයෙක් නම් මෙවැනි දේවල් වෙන්නේ නෑ."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

