වැලිකන්ද මූලික රෝහලේ කොවිඩ් සියලුම වියදම් ඩඩ්ලි භාර ගනියි
කොවිඩ් 19 රෝගීන්ට ප්රිතිකාර කිරිම සඳහා වෙන්කර ඇති වැලිකන්ද මූලික රෝහලේ සියලුම වියදම් තමන් භාර ගන්නා බව ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන, අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ඒ අනුව එම රෝහලේ අවසන් කොවිඩ් රෝගියා පිටව යන තෙක් තමන් සියලුම වියදම් දරණ බව ඔහු ප්‍රකාශ කළේය.
මෙහි පළමු පියවර ලෙස අද දිනයේදී රෝහල වෙත අවශ්‍ය රුපියල් ලක්ෂ 55ක් පමණ වඩිනා භාණ්ඩ තොගයක්ද ඔහු පරිත්‍යාග කරනු ලැබීය.
එසේම සහල් පිළිබඳ ගැටලුවද අද සවස වන විට අවසන් කර ඇති බවත් කොවිඩ් සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Kaminda Sunday, 29 March 2020 06:41 AM
සහෝදරයාගේ බලපුළුවන්කාර කමින් මිනිසුන්ට අසාදාරන කලාය කියන චෝදනාවට හොද උත්තරයක්. පින් සිද්ද වෙන වැඩක්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

